මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවියා ආරක්ෂා කිරීම සැමගේ යුතුකමක් - කෘෂිකර්ම ඇමැති

    අගෝස්තු 09, 2017
    කෝටි දෙකක ජනතාවට බත සපයන ගොවියා ආරක්ෂා කිරීම ජනතාවගේ මෙන් ම රජයේ ද වගකීම බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
     
    දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව නියඟය හේතුවෙන් තම වගාවන් විනාශ වූ මෙන් ම වගා කටයුතු සිදුකරගැනීමට නොහැකි වූ ගොවි ජනතාව වෙත සති දෙකකට වරක් රුපියල් 2500බැගින් මසකට රුපියල් 5000ක් ලබාදීමට මේ වන විට රජය සැලසුම් කොට ඇති බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
     
    මේ වන විට රටේ පවතින බඩඉරිඟු හිඟය නිසා බඩඉරිඟු පිටරටින් ගෙන්වීමට කටයුතු කරමින් පවතින මෙම අවස්ථාවේ දී ඇතැම් පුද්ගලයින් බඩඉරිඟු විකුණා ගැනීමට නොහැකිබවට චෝදනා ඉදිරිපත් කරන බවත් කී දිසානායක මහතා එම ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍යයක් බවත් කියයි.
     
    "මේ වන විට මහඉලුප්පල්ලම බංග්ලාදේශයට විකුණා ඇති බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් සිදුකරන්නට යන්නේ ලාංකික ශ්‍රමය මෙන් ම බංග්ලාදේශ තාක්ෂණය යොදාගනිමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය දෙමුහුන් බීජ නිෂ්පාදනය කිරීමටයි. ශ්‍රී ලංකාව වසරකට බිලියන 1.4ක් දෙමුහුන් බීජ ගෙන්වීම වෙනුවෙන් වැය කරනවා". 
     
    තමා කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට පෙර ඇමැතිවරු 22ක් කෘෂිකර්ම අමාත්‍යංශය පාලනය කොට තිබෙන බවත් මේ සිදු කරන්නට යන්නේ අමාත්‍යවරුන් 22කට කළ නොහැකි වූ දෙයක් හරහා රටට අති විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි ගැනීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya