මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ජනපදිකයින් 6000කට හිමිකම් ඔප්පු

    අගෝස්තු 09, 2017
    මහවැලි එච් කලාපයේ ජනපදිකයින් 6000කට හිමිකම් ඔප්පු පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 12දා තලාව මහජන ක්‍රීඩාංගණයේ දී සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව තඹුත්තේගම කොට්ඨාසයේ ජනපදිකයින් 1223ක්, එප්පාවල කොට්ඨාසයේ ජනපදිකයින් 1021ක්, නොච්චියාගම කොට්ඨාසයේ ජනපදිකයින් 835ක්, තලාව කොට්ඨාසයේ ජනපදිකයින් 861ක්, මීගලෑව කොට්ඨාසයේ ජනපදිකයින් 648ක් හා ගල්නෑව කොට්ඨාසයේ ජනපදිකයින් 1412ක් වශයෙන් හිමිකම් ඔප්පු 6000ක් පිරිනැමේ.
     
    මෙම වැඩපිළිවෙළ යටතේ ජනපදිකයින් 100,000කට හිමිකම් ඔප්පු ලබාදීමට එම අමාත්‍යංශය බලාපොරොත්තු වන අතර මෙම වසරේ දෙසැම්බර් 31ට පෙර තවත් හිමිකම් ඔප්පු 1200ක් පිරිනැමීමට නියමිතව ඇතැයි ද පෙන්වාදුන් අමාත්‍යවරයා හිමිකම් ඔප්පු නොතිබීම හේතුවෙන් ඔවුන්ට මෙතෙක් මුහුණ පෑමට සිදු වූ ගැටලු සඳහා සම්පූර්ණයෙන් ම විසඳුම් ලැබෙන බවත් කීය.
     
    එමෙන් ම මෙම ඉඩම් ඔවුනගේ උරුමකරුවන් වෙත පැවරීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳ ව ඉදිරියේ දී ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් එම කලාපවල ජීවත්වන වෙළෙඳ සැල් හිමියන්ටද ඉඩම්වල වටිනාකම් ගෙවීම සඳහා සහන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya