මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව, වයඹ හා දකුණේ පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර රැසක් සිසු අයිතියට

    ජූලි 03, 2014
    රත්නපුර ජේසු බිළින්දාගේ කන්‍යාරාමය ජාතික පාසල වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදුන් පරිගණක කාමරය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 08 දින පෙරවරු 7.30ට සිසු අයිතියට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දහසක් පාසල් සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ එස්.එල්.එම්.ඩී. පියසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    එදින ම පෙරවරු 9.00ට රත්නපුර සීවලී මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමත් පෙරවරු 10.30ට රත්නපුර සුමනබාලිකා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම හා මහින්දෝදය තාක්ෂණ පීඨයට මුල්ගල තැබීමත් සිදු කරනු ඇත.
     
    එදින මධ්‍යහ්න 12.00ට දොඩම්පේ රාහුල විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කරන අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය.
     
    මේ අවස්ථාවන් සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් හා පළාත් අධ්‍යාපන අමාත්‍ය භණු මුනිප්‍රිය යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.
     
    ජූලි 09 පෙරවරු 7.30ට හලාවත, මහවැව ධර්මාරාම විද්‍යාලයේත්, පෙරවරු 9.30ට මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයේත්, පෙරවරු 11.30ට මැදගම අභය මහා විද්‍යාලයේත් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
     
    මේ අවස්ථාවට වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන් වන දයාශ්‍රිත තිසේරා, නියෝමාල් ප්‍රනාන්දු හා ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් සහභාගි වනු ඇත.
     
    එදින ම කුලියාපිටිය, දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීම හා තාක්ෂණ පීඨයට මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.
     
    ජූලි 11 පෙරවරු 7.00ට රත්ගම, මාදම්පාගම විද්‍යාලයේ නව මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමත් පෙරවරු 9.30ට වේරගොඩ විජයබා විද්‍යාලය ද්විතීයක පාසලක් ලෙස විවෘත කිරීම හා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
     
    එදින ම පෙරවරු 10.30ට හික්කඩුව සුමංගල විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම හා පස්වරු 12.30ට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම හා තාක්ෂණ පීඨයට මුල්ගල තැබීමත් සිදු කිරීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya