මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන්ගේ හා මාධ්‍ය‍වේදීන්ගේ කාර්යභාරය ඉතා විශාලයි

    ජූලි 03, 2014
    ආපදා කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන්ගේ හා මාධ්‍ය‍වේදීන්ගේ කාර්යභාරය ඉතා විශාල බවත් ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය සුවිශේෂි විය යුතු බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍ය‍වේදීන් වෙනුවෙන් පසුගියදා කිතුල්ගල ඇඩ්වෙන්චර් බේස් කෑම්ප් ආයතනයේ දී පැවති වැඩමුළුව අමතමිනි.
     
    ප්‍රායෝගික හා න්‍යායාත්මකව පැවති වැඩමුළුව සඳහා රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යවේදීන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූහ.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා, 2004 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයත් සමඟ ආපදා හා ආපදා කළමනාකරණය ගැන වැඩි අවධානයක් යොමු කෙරිණි.  එය යහපත් මෙන්ම හොඳ ප්‍රවේශයකි. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරන දෙකොටසක් ලෙස රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යවේදීන් හැඳින්විය හැකිය. මෙවැනි න්‍යායාත්මක හා ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම තුළින් ආපදා හා ආපදා කළමනාකරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන අතර ආපදාවන් අවම කිරීමටත්, හදිසි ආපදාවකදී සාර්ථකව මුහුණ දීමටත් හැකියාව නිතැතින්ම ලැබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
     
    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
     
    NDH/dmu kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya