මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධනය - විද්වත් සංගායනාවක්

    ජූලි 03, 2014

    තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු ආයෝජන සැලැස්ම පිළිබඳ විද්වත් සංගායනාවක් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 07 වැනි දා පෙ.ව. 8.30ට කොළඹ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී රටේ ප්‍රමුඛපෙළේ විද්වතුන් 500කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වේ.


    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් 2020 දී ශ්‍රී ලංකාව දැනුමේ ආර්ථීකයක් බවට පත්කිරීම උදෙසා වූ තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු ආයෝජන සැලැස්මක් පිළිබඳ කෙටුම්පතක් සම්පාදනය කරනු ලැබ තිබේ.


    මෙම කෙටුම්පත සඳහා ප්‍රමුඛ තාක්ෂණ ක්ෂේත්‍ර දහයක් හඳුනාගෙන ඇති අතර, ඒවා නම්, ජලය, ආහාර, සෞඛ්‍යය, නිවාස, බලශක්තිය, පේෂ කර්මාන්තය, ඛනිජ සම්පත්, දැනුම් සේවාවන්, මුලික විද්‍යාවන් හා තාක්ෂණයන් සහ පරිසරය ලෙසය.


    ප්‍රතිපත්ති සම්පාදනය, පර්යේෂණ, නව උත්පාදන, නිනිති තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, දේශීය දැනුම, විද්‍යා යටිතල පහසුකම්, හැකියා ප්‍රවර්ධනය සහ අලෙවිකරණය හා ප්‍රවර්ධනය ලෙස ඉහත ප්‍රමුඛ තාක්ෂණ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාමාර්ගික මැදිහත්වීම් දහයක් ද හඳුනාගෙන තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya