මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනන්ද විද්‍යාලයට ජාත්‍යන්තර ජයක්

    ජූලි 02, 2014

    දාහත්වන ජාත්‍යන්තර ශිෂ්‍ය තත්ත්ව කවයන් පිළිබඳ සම්මේලනය ඉකුත් ජුනි 28 වැනිදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කිංස්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ අතර එහිදී විෂය අධ්‍යයනය පිළිබඳව දෙවන ස්ථානය හිමිවූයේ කොළඹ ආනන්ද විද්‍යාලයටය.


    ලොව රටවල් 25ක ශිෂ්‍ය නියෝජිතයින් 3,000කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම සය දින සමුළුවට ශ්‍රී ලංකාවේ පාසැල් අතරින් කොළඹ ආනන්ද මහා විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලයේ සිසුහු සහභාගි වූහ.


    ජයග්‍රාහී ආනන්ද විද්‍යාලයේ කණ්ඩායමට සනුල් සේනාරත්න, කල්හාර බණ්ඩාරනායක, මෙනුර වන්නිනායක හා චරිදු ලියනගේ සිසුන් ද කණ්ඩායම භාර ආචාර්යවරයා වන ආනන්ද සුමනතිලක මහතා ද සහභාගී වූහ.


    HC/DW

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya