මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඔබ අසිරිමත්ය" මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූලි 02, 2014
    "ඔබ අසිරිමත්ය" මැයෙන් රැකියා අපේක්ෂිත උපාධිධාරීන් හා බාහිර උපාධි අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දින 03ක් පුරා අතුරලිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී නොමිලයේ පැවැත්විණි.
     
    උපාධිධාරීන් හා උපාධි අපේක්ෂකයින්ගේ ආකල්ප සංවර්ධනය කර ඔවුන් තුළ උචිත වෘත්තීය අරමුණු ඇති කිරීම හා එම අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය මෘදු කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව සංවිධානය කර ඇති අතර ඉදිරියේදී මාතර දිස්ත‍්‍රික්කයේ අනෙකුත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද මෙය ක‍්‍රියාත්මක කෙරේ.
     
    අතුරලිය, අකුරැස්ස, මාලිම්බඩ හා පිටබැද්දර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තරුණ තරුණියන් 40ක් පමණ මේ සඳහා සහභාගි කර ගන්නා ලදි. මෙහි සම්පත් දායකයින් වශයෙන් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් කටයුතු කරති.
     
    අතුරලිය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය හා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශන අංශය මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව සංවිධානය කරන බව වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරි පාලිත පද්මසිරි මහතා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya