මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය මහ රෝහලේ විවෘත කිරීම් රැසක්

    ජූලි 02, 2014
    නුවරඑළිය මහ රෝහලේ විවෘත කිරීම් රැසක් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු කෙරිණි.


    එම විවෘත කිරීම් අතර නොමේරූ ළදරු ඒකකයක්, රුධිර පරීක්ෂණ මධ්‍යස්ථානයක් හා වාහන නඩත්තු අංගනයක් වේ. රසායනාගාර උපකරණ පරිත්‍යාග කිරීම සහ උගුර, කන, නාසය ආදී ඉන්ද්‍රියන් පරීක්ෂණයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සහ රෝහල් වාට්ටු සංකීර්ණ නිරීක්ෂණය කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය.

     

    1996 වර්ෂයේ දී මධ්‍යම රජය වෙත පවරා ගත් නුවරඑළිය රෝහලේ අද වන විට රුපියල් මිලියන 7000ක වියදමකින් යුතු  නව රෝහල් සංකීර්ණයක්, රෝහල් පරිශ්‍රයේ ඉදිවෙමින් පවතී. මීට දශක කිහිපයකට පෙර ඉතා දුෂ්කර පහසුකම් යටතේ පැවති නුවරඑළිය රෝහල අද වන විට ඉතා ඉහළ පහසුකම් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් අතින් දියුණු වී  ඇත. දෛනිකව නේවාසික රෝගීන් 150ක් පමණ රෝහලට ඇතුළත් වන අතර බාහිර රෝගීන් 400කට අධික පිරිසක් එයින් ප්‍රතිකාර ලබා ගනිති. එමෙන් ම දෛනිකව ළදරු උපත් 25ක් සහ මාසිකව බරපතළ සැත්කම් 20කට ආසන්න ප්‍රමාණයක් සිදු වේ. රෝහල වැඩිදියුණු කිරීම සඳහා වන සේවා කටයුතු රෝහල් සේවයේ නියුතු සියලු නිලධාරීන්ගේ එකමුතුවෙන් සිදු වන අතර සිය ගිලන් රථ පවා අලුත්වැඩියා කරගැනීම ඔවුන් විසින් ම සිදුකරනු ලබන බව නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.
     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා, අද වන විට අපගේ සෞඛ්‍ය සේවාව ලොව පුරා ඉහළ ඇගයීමකට ලක්ව ඇති බව සඳහන් කළේය. එමෙන් ම මෑත කාලීනව විදෙස් රටවලින් පැමිණෙන රෝගීන් ශ්‍රී ලාංකිකයන් ලෙස රහසිගතව මෙරට රෝහල්වලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර රැගෙන පිටත්ව යාමේ ප්‍රවණතාවක් ද පවතින බවත් මෙවැනි සිදුවීම් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලබන ජනතාවට හානිදායක නිසා නේවාසික රෝගීන් සඳහා සිය අනන්‍යතාව තහවුරු කරගැනීමට ක්‍රමවේදයක් සකසන බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.
     

    ප්‍රථම වරට බංගලාදේශය සමඟ  ඖෂධ ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට තමන් අත්සන් කළ බව පැවසූ අමාත්‍යතුමා නුවරඑළිය මහ රෝහලේ වත්මන් අභිවෘද්ධිය සම්බන්ධව රෝහලේ අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලු කාර්යමණ්ඩලයට සිය ප්‍රශංසාව ද පළ කළ සිටියේය.
     

    මේ අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක සහ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන්, දේශපාලන නියෝජිතයන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. 

     

    NDH/SH_dmu_nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya