මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යමත් යෞවනයේ වැදගත්කම ගැන නුවරඑළිය දැනුවත් කරයි

    ජූලි 02, 2014
    "සෞඛ්‍යමත් යෞවනයේ පෝෂණය සහ එහි වැදගත්කම" යන්න තේමා කර ගනිමින් පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 

    ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙය සංවිධානය කෙරුණි. මෙම වැඩසටහන සඳහා පාසල් 06ක දූ දරුවන් 120කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

     

    නුවරඑළිය සහකාර දිස්ත්‍රික් ලේකම් ඒ.ඒ. විදුර සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනෙහි ප්‍රධාන දේශනය නුවරඑළිය නියෝජ්‍ය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා විසින් සිදු කරන ලදී. පාසල් ළමුන්ගේ පෝෂණය පිළිබඳව මෙහිදී 
    දැනුවත් කිරීම සිදු කළ අතර යොවුන් වියේ පසුවන පාසල් දූ දරුවන් ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධව දැඩි අවධානයකින් පසුවිය යුතු බවට ද අවධාරණය කෙරිණි. 
     
    එසේම යකඩ ඌනතාව මඟින් හට ගන්නා ඌන බුද්ධි වර්ධනය පිළිබඳව සහ ක්ෂණික ආහාර හැකිතාක් අවම කළ යුතුය යන විවිධ වූ මාතෘකා යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි. එමෙන් ම බෝ නොවන රෝග පිළිබඳව තරුණ පරම්පරාව විශේෂ අවධානයක් නොදැක්වීම නිසා ඇති වන අහිතකර තත්ත්වයන් පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණු අතර මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ පණිවුඩය දූදරුවන්ගේ දෙමව්පියන්ටත්, යහළු යෙහෙළියන්ටත් හිත මිත්‍රාදීන්ටත් යා යුතු බවට ද යෝජනා විය. එමෙන් ම ස්වකීය වටපිටාව තුළ යහපත් සෞඛ්‍ය සහ පිරිසිදුකම තම අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට බලපාන බවට වෛද්‍ය සේරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    NDH/SH_dmu_nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya