ඒ යටතේ ජලය හා භෞතික යටිතල පහසුකම් යටතේ 2014 ප්‍රතිපාදන අංශ 06ක් සඳහා රුපියල් ලක්ෂ 8226ක් වෙන් කර ඇති බව පුත්තලම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ඒ යටතේ මෙහෙයුම් හා නඩත්තු දෙපාර්තමේන්තුවට අයත් මාර්ග නඩත්තුව, දෙපාර්තමේන්තු ඉඩම් හා රක්ෂිත ආරක්ෂා කිරීම, අමතර ආරක්ෂාව සඳහා වැව්වල මූලස්ථායි වැඩ වැඩි දියුණු කිරීම, පවතින වාරිමාර්ග වැඩ සඳහා අමතර වැව් දියුණු කිරීම, දැදුරුඔය ව්‍යාපෘතිය යන අංශ යටතේ මෙම මුදල් වෙන් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
ECB/JHS_dmu_ puttalam