මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුර නැඟුමෙන් පලාගල නගරය සංවර්ධනයට පියවර

    ජූලි 02, 2014
    පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ කැකිරාව, පලාගල නගරය සංවර්ධනය කිරීමේ කටයුතු අරඹමින් පලාගල ප‍්‍රාදේශීය සභා භූමියේ බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 


    සතිපොළ නවීකරණය, පෙරපාසලක්, වෛද්‍ය සායන මධ්‍යස්ථානයක් හා නගර සනීපාරක්‍ෂක කටයුතු පුළුල් කිරීමේ කටයුතු ද මේ මඟින් සිදු කෙරේ. මේ සංවර්ධන කටයුතු සඳහා වැය කරනු ලබන මුදල රුපියල් පන්කෝටි තිස්ලක්‍ෂයකි. 

     

    මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා, උතුරු මැද පළාතේ ප‍්‍රධාන නගර හා සියලු උප නගර පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට මහින්ද රාජපක්‍ෂ රජය කටයුතු කරමින් සිටින බව පැවසීය.

     

    ගම් බිම් වේගවත් සංවර්ධනයකට යොමු වී ඇති යුගයක නගර හා උප නගර සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී තිබේ. නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කොළඹ නගරය සේ මුළු රටේම ප‍්‍රධාන නගර හා උප නගර සංවර්ධනය අරඹා ඇති බවද ප‍්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya