මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා සංවත්සරය ගැන බදුල්ලේ සිසුන් දැනුවත් කෙරේ

    ජූලි 02, 2014
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 124 වැනි සංවත්සරය නිමිත්තෙන් පාසැල් සිසුසිසුවියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (01) බදුල්ල සයිමන් පීරිස් ශාලාවේ දී පැවැත්විණි. 
     
    “දැයේ උරුමය අනාගත පරපුර උදෙසා දායාද කිරීම” යන මැයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
     
    මෙහිදී “ඌවේ ඉතිහාසය හා ඌවේ අභිලේඛනවල වැදගත්කම” යන මැයෙන් විශේෂ දේශණයක් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය පියතිස්ස සේනානායක මහතා විසින් සිදුකරන ලදි.
     
    ඌවේ ඉතිහාසය හා ඌවේ වැසියන්ගේ අභිමානය ලොවට පෙන්වා දිය හැකි ශිලා ලේඛන රැසක් ඌව වෙල්ලස්සෙන් හමුවී තිබෙන බවත් ඒවායින් විශාල ප්‍රමාණයක් අතීතයේ දී විනාශකර දමා ඇති බවත් දැනට ඉතුරුව ඇති බදුලු ටැම් ලිපිය (සොරබොර ලිපිය), කටුගහ ගල්ගේ සෙල් ලිපිය, ඇතිලි වැව සෙල් ලිපිය වැනි ශිලා ලේඛන රැකගැනීම අපගේ වගකීම බවත් එහිදී සේනානායක මහතා පෙන්වා දුනි. 
     
    අතීතයේ ඌව අයිති වූයේ රෝහණ දේශයට. (රුහුණු දේශය) රුහුණේ මිනිස්සු අතීතයේ සිට වැරදි පාලකයන්ට විරුද්ධව කටයුතු කළ අයයි. දුටුගැමුණු වැනි මහ රජවරු බිහිවූයේත් රුහුණු දේශයෙන්. ප්‍රෞඩ ඉතිහාසය, අභිමානය රැකගන්න පුරාවිද්‍යා වටිනාකමක් සහිත ලිපි, ස්ථාන රැකගැනීමට කටයුතු කරන්න යැයි ද ආචාර්යවරයා එහිදී පාසල් සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.
     
    මෙම අවස්ථාවට ඌව පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එල්.එම්. ගුණරත්න බණ්ඩා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, පාසැල් ළමුන් හා ගුරුවරුන් 700කට ආසන්න පිරිසක් ද සහභාගි වූහ.
     
    DB
     
    BADULLA ARCH 1
     
     
    BADULLA ARCH 2
     
    BADULLA ARCH 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya