මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්ද රාජපක්ෂ විද්‍යාලයක් රත්නපුරයට

    ජූලි 02, 2014

    පළාත් මට්ටමින් ඉදි කෙරෙන මහින්ද රාජපක්ෂ විද්‍යාලයන්හි තෙවැන්න රත්නපුරයේ ඉදිකෙරෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා එසේ පැවසූවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ආරාධනයෙන් පසුගිය සඳුදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ හා සමරුඵලකය නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනි.


    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, “පළාත් නවය සඳහා මහින්ද රාජපක්ෂ විද්‍යාල නවයක් ඉදිකෙරෙන අතර, දැනට විද්‍යාල දෙකක් පළාත් දෙකක ඉදිවී තිබෙන බවයි. පාසල් අධ්‍යාපනය නංවාලීමේදී දැනට රත්නපුර ජාතික පාසල් ඊට ප්‍රමාණවත් නොවීමේ ගැටලුව තමා ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කළ බවද එතුමන් එම ඉල්ලීම පිළිගෙන ඇති බව ද ඒ අනුව මහිද රාජපක්ෂ විද්‍යාලයක් රත්නපුර ඉදිකිරීමට යෝජිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


     මුල්ගල තැබුණු නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකිර්ණය සඳහා ජනාධිපතිතුමන් විසින් රුපියල් මිලියන 696ක ප්‍රතිපාදනයක් ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.


    රත්නපුර දිස්ත්‍රික්කයේ නගර සංවර්ධන කටයුතු අරඹා ඇති බවද ඒ සඳහා නගර රැසක් හඳුනාගෙන ඇති බවද මේ වන විට කුරුවිට, ගොඩකවෙල, නිවිතිගල, බලංගොඩ ඇතුළු නගර කීපයක ම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් තිබෙන බවද පැවසීය.


    රත්නපුර මාර්ග තදබදය වැළැක්වීම සඳහා විකල්ප මාර්ගයක් ලෙස අඩි 48ක් පළල දැකුම් කළු මාර්ගයක් වෙරළුප සිට වරකාතොට පාලම දක්වා ඉදිකෙරෙන බවද මේ සඳහා ජනතා කැමැත්ත ලැබී තිබෙන බවද, අමාත්‍යවරයා පැවසීය. එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මෙම සංවර්ධන කාර්යය සඳහා නිවාස, ඉඩම් කැප කිරීමට සිදුවන පාර්ශවයන්ට කිසිදු අයුරකින් පාඩුවක් හෝ අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බවද, පොලිස් ගොඩනැගිලි සංකීර්ණක් නව නගරයේ ඉදිකිරීමට එම ස්ථාන දැනටමත් හඳුනාගෙන ඇති බවයි.


     මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින්ද, අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම, සහාකාර දිස්ත්‍රික් ලේකම් බී.එච්.එස්. ධනවර්ධන, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඩබ්.පී. සමන්තිලක මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද රාජ්‍ය නිලධාරින් රැසක්ද මේ අවස්ථාවට සහභාගී වු බව රත්නපුර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    ECB/SW/NR/KM_dmu_rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya