අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා සඳහා රුපියල් මිලියන 78ක වියදමින් E- LOG BOOK

    ජූලි 22, 2017
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 78ක වියදමින් මසුන් ඇල්ලීම පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම සදහා ලබා දෙන ටැබ් පරිගණක හෙවත් E- ළොග් බූක් ලබා දීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    මේ යටතේ බහුදින ධීවර යාත්‍රා සදහා E- ළොග් බූක් 2328ක් ලබා දීමට නියමිතය. ජාත්‍යන්තර මුහු‍‍දේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේ දී අන්තර් ජාතික නීතිය අනුව එක් එක් බහුදින ධීවර යාත්‍රාව විසින් අල්ලා ගනු ලබන මසුන් පිළිබද දත්ත පරිගණක ගත කළ යුතුය. එමෙන්ම ඒ පිළිබද තොරතුරු සෑම රටක්ම යුරෝපා සංගමයට ලබා දිය යුතු අතර එසේ කරන්නේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේ දී බොහෝ රටවල් කළමනාකරණයකින් තොරව එම කටයුතු සිදු කිරීම වැළැක්වීම සදහාය. එමෙන්ම මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම මෙන්ම ඉවක් බවක් නැතිව සිදු කරන ධීවර කර්මාන්තයේ දී සිදුවන සම්පත් අවභාවිතය වළක්වාලීම සඳහා ය.
     
    මේ යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය යටතේ මෙම ජාත්‍යන්තර ධීවර නීති පිළිපදින රටක් වශයෙන් අන්තර් ජාතික පිළිගැනීමට ලක්වීම අවශ්‍ය වේ. විශේෂයෙන් පසුගිය රජය සමයේ යුරෝපා සංගමය විසින් මත්ස්‍ය අපනයනය තහනම පනවනු ලැබුවේ ද එම අන්තර් ජාතික නීති ක්‍රියාත්මක කිරීමට එවකට පැවැති රජය පියවර නොගත් නිසාය.
     
    කෙසේ වුවද මෙම E- ළොග් බූක් භාවිතය සදහා යොදා ගන්නා මෘදුකාංග මේ වනවිට කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් සකස් කර ඇති අතර ධීවර ප්‍රජාවට එම මෘදුකාංග භාවිතය හා E- ළොග් බූක් භාවිතය පිළිබද පුහුණුවක් ලබා දීමට ද සැලසුම් කර ඇත. මෙම E- ළොග් බූක් ධීවර ප්‍රජාව වෙත නොමිලේ බෙදා දීමට කටයුතු කරන අතර ඒවා ඉදිරි දිනෙක බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya