අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර කුඩා තේවතු හිමියන්ට වන්දි

    ජූලි 22, 2017

    කළුතර දිස්ත්‍රික්කයේ ඇති වු ආපදා තත්ත්වය නිසා වගා හානි වු  කුඩා තේ වතු හිමියන්ට  වන්දි ගෙවීමේ වැඩසටහනක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මුලිකත්වයෙන් ආරම්භ කර  තිබේ.

    මේ යටතේ කුඩා තේ වතු හිමියන් අනු එක් දෙනෙකු සඳහා රු මිලියන 10 ක වන්දි මුදල් දැනටමත්  පිරිනමා තිබේ .

    ගංවතුර හා නායයෑම් නිසා කුඩා තේ වතු හිමියන් 96 දෙනෙකුට පුර්ණ වශයෙන් හානි සිදු වී ඇති අතර තවත් කුඩා තේ වතු හිමියන් 330 කට වැඩි පිරිසක් අර්ධ වශයෙන් හානි වී ඇති බවට හදුනාගෙන ඇත.මෙසේ හානියට පත් වූ සියලුම අය සඳහා අවශ්‍ය වන්දි මුදල් හා සහන ඉදිරියේදි ලබාදීමට නියමිතයි.

    මීට අමතරව නැවත වගා කටයුතු කඩිනමින් ආරම්භ කරන පුද්ගලයන් සඳහා අවශ්‍ය පැල සහන මිල ගණන් යටතේ ලබාදීමටද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
     
     තේ මංඩලය, තේ පර්යේෂණ ආයතනය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව නැවත වගා කටයුතු ආරම්භ කරන තේ වතු හිමියන් දැනුම්වත් කිරීම හා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමද මේ දිනවල සිදුකරමින් පවති.

    කළුතර දිස්ත්‍රික්ක් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya