අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළු ගගේ වැලි ගොඩදැමේ දින දෙකේ සිමාව දිගටම

    ජූලි 22, 2017

    කළුතර දිස්ත්‍රික්කයේ වැලිගොඩදැමීම සඳහා දැනට පනවා ඇති දින දෙකේ සීමාව එලෙසම පවත්වාගෙන යාමට දිස්ත්‍රික් පරිසර කමිටුව තීරණය කළ බව කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සදහන් කරයි.

    ඒ අනුව සඳුදා හා බදාදා යන දින දෙක තුළ පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්වා පමණක් වැලිගොඩ දැමිමට අවසර හිමිවේ. එසේම දැනට භාවිතා කරන වැලි තොටුපලවල් වෙනස්කිරීමට අවසර නොලැබේ.

    පසුගියදා ඇති වු ගංවතුර තත්ත්වය නිසා කළු ගගේ ඉවුරු ඛාදනය  වේගවත් වී තිබේ .මෙම තත්ත්වය තුළ කළු ගගේ වැලි ගොඩදැමීමේ පාලනයක්  නොතිබුනහොත් ඉවුරු ඛාදනය   තවත් උග්‍රවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පරිසර කමිටුවට  වාර්තා කර ඇත.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දැනුම්දීම කෙරේ  දැඩි අවධාණය යොමු කළ දිස්ත්‍රික් පරිසර කමිටුව දැනටමත්  ක්‍රියාත්මක නව වැලි බලපත්‍ර ලබා නොදී‍මේ තීරණය ද  එලෙසම පවත්වාගෙනයාමට  තීරණය කර තිබේ.

    දිස්ත්‍රික් ලේකම් යු. ඩී. සි. ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙම රැස්වීම සඳහා  ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya