මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ මාධ්‍ය උපාධිධාරී ගුරුවරුන්ට වැඩ භාරගැනීමට ලබාදී තිබූ අවසන් දිනය කල්දැමේ

    ජූලි 19, 2017

    මධ්‍යම පළාතේ අලුතින් බදවාගත් දෙමළ මාධ්‍ය උපාධිධාරී ගුරුවරුන්ට වැඩ භාර ගැනීමට ලබාදී තිබූ අවසන් දිනය සාධාරණ ලෙස කල්දැමීමට කටයුතු යොදන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

    ඒ අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කොට තවත් සතියක හෝ දෙකක කාලයක් ඒ සදහා ලබා දීමට ඇති හැකියාව සොයා බලන බවද ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කරන ලදී. ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (18) දින පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදී විපක්ෂ මන්ත්‍රී ජමාල්ඩීන් ජෙයිලාබ්දීන් මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු පිරවීමට ඉකුත් මාසයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුනි. ඒ අනුව ගුරු පුරප්පාඩු පවතින මධ්‍යම පළාතේ දුෂ්කර පාසල් සදහා උපාධිධාරී ගුරුවරුන් 300 කට වැඩි පිරිසක් බදවා ගන්නා ලදී.

    එම පත්වීම් ලබා දීමේදී හෝ ඔවුන් ස්ථානගත කිරීමේදී කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ඒවා ලබා දීමට මධ්‍යම පළාත් සභාවේ සෑම මන්ත්‍රීවරයෙක්ම එකගත්වයට පැමිණ තිබුනි. ඒ අනුව මධ්‍යම පළාත් දෙමළ මාධ්‍ය පාසල් වලට බදවා ගත් උපාධිධාරී ගුරුවරුන්ගේ වැඩි පිරිසක් මේ වන විට තම සේවා ස්ථාන වලට වාර්තා කොට තිබේ. පත්වීම් ලැබූ ඇතැම් ගුරුවරුන්ට තමන් පදිංචි ස්ථානයේ සිට බොහෝ දුරබැහැර ප්‍රදේශ වලට පත්වීම් ලැබී ඇති බැවින් ඔවුන්ට තම පවුල්වල පවතින ගැටළු නිරාකරණය කොට ගැනීමටත්, තාවකාලික නවාතැන් සොයා ගැනීමටත් සිදුව ඇති බව පෙන්වා දුන් ජමාල්ඩීන් ජෙයිලාබ්දීන් මහතා ඒ පිළිබද සළකා බලා ඔවුන්ට රාජකාරී භාර ගැනීමට ලබාදී ඇති අවසන් දිනය දීර්ඝ කරදීම සාධාරණ බව පෙන්වා දෙන ලදී.

    ඒ අනුව එම යෝජනාවට එකගත්වය පළ කළ ප්‍රධාන අමාත්‍යවරයා පත්වීම් ලබාදීමේදී සහ ස්ථාන මාරු කටයුතු සම්බන්ධයෙන් බලපෑම් නොකිරීම පිළීබද පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියළු දෙනාටම තම ස්තූතිය පළ කරන බව ප්‍රකාශ කළ ප්‍රධාන අමාත්‍යවරයා එය දුෂ්කර ප්‍රදේශවල සිටින අහිංසක පාසල් දරු දැරියන් වෙනුවෙන් ඉටු කළ යුතුමකමක් බවත් පෙන්වා දෙන ලදී. ස්ථාන මාරු නොකිරීම තීරණය කොට තිබුනත් පත්වීම් ලැබූ ගුරුවරුන්ගේ අභීමතය පරිදි සුහද මාරු සිදු කරගන්නේ නම් ඊට කිසිදු බාධාවක් නොමැති බවද පෙන්වා දෙන ලදී.

    DMU/kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya