ඒ අනුව, ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් පසුගිය දින කිහිපයක සිට මෙම සත්කාර සේවය ආරම්භ කරන ලදී. අගෝස්තු මස 2 වන දින දක්වා මෙම සත්කාර්යය සිදු කිරීමට නියමිතව ඇත.
දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ පා ගමනින් පැමිණෙන එම බැතිමතුන්ගේ සියලු ම අවශ්‍යතාවයන් සපුරාලීමට නාවික හමුදාව කටයුතු සම්පාදනය කොට ඇත. ඔවුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය හා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම ඒ අතරින් ප්‍රධාන විය. එමෙන්ම දුෂ්කර මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම සඳහා අවශ්‍ය උදවු උපකාර ලබා දීමටත්, වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමටත් ගිණිකොන නාවික විධානය විසින් පියවර ගෙන ඇත.