අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ ඩෙංගු මර්ධනයට විශේෂ වැඩසටහනක්

    ජූලි 19, 2017

    ඩෙංගු රෝගය මැඩලීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල සදහා මධ්‍යම පළාතේ උපරිම සහයෝගය ලබා දෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

    ඒ අනුව මධ්‍යම පළාතේ සියළුම රාජ්‍ය ආයතන මුල් කොට ගෙන විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සංවිධානය කොට ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (18) මධ්‍යම පළාත් සභා රැස්වීමේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන විශේෂ නිවේදන යටතේය.

    ඒ අනුව හෙට (20) පෙ.ව. 9.00 ට මධ්‍යම පළාත් ඩෙංගු මර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනයාක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව අසලින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී මෙම වැඩසටහන මධ්‍යම පළාත පුරාම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

    ඩෙංගු රෝගය මැඩලීමට ප්‍රධානතම බාධාව වී ඇත්තේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අධිකාරියක් පිහිටවා ඇති බවත්, ඒ මගින් පළාත් මට්ටමින් අපද්‍රව්‍ය කළමනාකරණයට විසදුම් සෙවිය හැකි බවත් පෙන්වා දෙන ලදී.

    DMU/kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya