මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෙවතු වගාව ප්‍රවර්ධනයට ජාතික වැඩපිළිවෙලක්

    ජූලි 14, 2017
    ගෙවතු වගාව, පෝෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ  ආයතනය (SEMA)අතුළු සියලු පාර්ශවයන් එක්ව එකම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අදාල මූලික සාකච්ඡාවක් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
     
    එහිදී කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා දිස්ත්‍රික් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මධ්‍යස්ථාන 10ක් ආශ්‍රිතව ක්‍රමවේද 3 ක් අත්හදා බලමින් පර්යේෂණාත්මකව සිදුකිරීමට අපේක්ෂිතයි. නිර්දේශිත ක්‍රමවේදය, සාමාන්‍ය ගොවීන්ගේ ක්‍රමවේදය, ක්ෂේත්‍ර ක්‍රමවේදය යන ක්‍රමවේදයන් නිසියාකාරව මුල සිට අග දක්වාම පූර්ණ අධීක්ෂණය යටතේ, මෙම නියමු ව්‍යාපෘතිය යටතේ සිදු වේ. මෙමගින් කෘෂිකර්මාන්තයේදී යන්ත්‍රෝපකරණ ඇතුළු නව තාක්ෂණික මෙවලම් හා උපාය මාර්ග භාවිතය ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබේ. 
     
     විශේෂයෙන් ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම පවුලේ පෝෂණ සුරක්ෂිතතාවය පිළිබඳ අවධානය යොමු කිරීම මෙන්ම කාන්තාවන්ට ස්වයං රැකියාවල නියුක්ත වීමට ඉඩකඩ සැලසීමෙන් කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම මූලික පරමාර්ථයයි.
     
    දීප ව්‍යාප්ත ප්‍රදේශද දිස්ත්‍රික්, පළාත් වශයෙන් ජාතික තරගාවලියක් ලෙසින් ‘සිතමු’ කාන්තා ගොවි සංවිධාන අතරින් වඩාත් කාර්යක්ෂම සමිතිය තෝරාගැනීමෙන් ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමටත්, ඊට අමතරව ගොවි කාන්තා ව්‍යවසායකයින් තෝරාගැනීමටත් වඩා ස්ථාවර මට්ටමකට ඔවුන්ට ගෙන ඒම මෙහිදී සිදුවේ.
     
    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න, රාජ්‍ය ලේකම් ඩී.වී බන්දුලසේන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ  ආයතනයේ (SEMA)  සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අශෝක අභයගුණවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya