මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අල බීජ නිෂ්පාදනය වැලිමඩ ඇරඹේ

    ජූලි 02, 2014
    බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල අල වගා කරන ගොවීන්ට අවශ්‍ය කරන බීජ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගුණාත්මක අර්තාපල් බීජ නිෂ්පාදනය කිරීමේ ගොවිපළක් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත අල ගොවීන් සඳහා අවශ්‍ය කරන ගුණාත්මක බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීම සඳහා කැප්පෙටිපොළ ප්‍රදේශයේ ගොවීන් 35 දෙනෙකු එක්ව ආරම්භ කළ ව්‍යාපෘතියේ මූලික පියවර වශයෙන් අක්කර දෙකක අල බීජ වගා කිරීම පසුගියදා සිදු විය.  
     
    මින් ලබාගන්නා සමස්ත අස්වැන්න අර්තාපල් බීජ ලබා ගැනීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වේ. ඉදිරියේදී මෙහි නිෂ්පාදන ප්‍රමාණය තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් එ තුළින් දේශීය වශයෙන් අවශ්‍ය කරන බීජ ආනයනය සඳහා වැයවන විශාල මුදලක් රටට ඉතිරි කරදීමට හැකි වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
     
    මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් මංගල මහිලාල් විජේනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB/ BH dmu badulla 
     
    badulla potato seeds 1
     
     
    badulla potato seeds 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya