මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි මාසයේ අසුබ - සුබවාදිවී තිබෙනවා

    ජූලි 02, 2014
    ජූලි මාසයේ අසුබ පසුගිය වර්ෂය වන විට සුබවාදි වී තිබෙන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 
     
    2013 ජුලි මාසයේ දී උසස් පෙළ විෂයට තාක්ෂණික විෂය හඳුන්වාදීමට හැකි වු නිසා අපේ ජීවිත කාලය තුළ සිදු වූ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් ලෙසින් මෙය හැඳින්විය හැකි බව සඳහන් කරන යෞවන කටයුතු අමාත්‍යවරයා ජූලි මාසයේ එම දිනය හැරවුම් දිනයක් ලෙස සනිටුහන් වන බවත් සඳහන් කරයි.
     
    මාතර මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම හා තාක්ෂණ විද්‍යා පීඨයට මුල්ගල් තැබීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 
     
    "අපේ රටේ ඉතිහාසයේ තාක්ෂණයට අදාළ වෘත්තීය අධ්‍යාපනය 1893 දි ආරම්භ වෙන්නේ මරදාන ‍කාර්මික විද්‍යාලය හරහායි. 1994 දි මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 101කට පසුව වෘත්තීය අධ්‍යාපනය ගමට ගෙන ගියා. තුන්වන පියවර ලෙස වෘත්තීය අධ්‍යාපනය ජාතික මට්ටමට ගෙන ආවා. හතරවන  පියවර පළමු වතාවට වසර 120කට පසුව වෘත්තීය අධ්‍යාපනය හරහා පළමු උපාධිධාරියා 2013 ජූලි 17 වන දින බිහිවුණා. මේ සියලු පියවර සම්පුර්ණ වුවත් ද්විතීය අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය තුළ යා කරන පාලමක්, පෙකනි වැලක් තිබුණේ නැහැ. වෘත්තීය අධ්‍යාපනයට යොමු වුණේ පාසල හැර යන විභාගය අසමත් වුවෙකු ලෙසයි. ඉතාම වැදගත් තීන්දුවක් ලෙස වැඩබිමයි පාසැලයි සම්බන්ධ කරමින් පසුගිය වසරේ ජූලි 15 වන දින තාක්ෂණ විෂය ආරම්භ වුණා".
     
    "තාක්ෂණය විෂයට ඇතුළත් වන දරුවන්ගෙන් 12%කට විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට හැකි වෙනවා. අපේ විශ්වවිද්‍යාල 20ක් දිවයින පුරා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි 03ක අධ්‍යාපන කටයුතු මේ වන විටත් ආරම්භ කොට තිබේ. මේ හරහා ළමුන් 2000කට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා". 
     
    ශ්‍රී ලංකාවේ අනාගතයට පාර කපන මාර්ගය තාක්ෂණ විෂය ධාරාව බවද මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.
     
    සෑම දෙනෙකුටම ජීවත් වන අයිතියත් නිදහසත් ලබා දුන් නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් ඉතිහාසයේ කිසිම නායකයෙක් දැනුම කේන්ද්‍රීය උපාය මාර්ගය තෝරා නොගත් බවත් මෙම අවස්ථාවට එක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 
     
    "එතුමා මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බව තීරණය කළා. වසර 15දී 16දී සාමාන්‍ය පෙළ ගණිතය අසමත් නම් උසස් පෙළ කිරීම තහනම් කළා. ළමුන් 227,000 කට ආසන්න ප්‍රමාණයක් ගණිතයෙන් අසමත් වෙනවා. ඔවුන්ට පාසලට එන්න එපා කියනවා". 
     
    ජනාධිපතිතුමන්ගේ උපදෙස් ‍මත මෙම තත්ත්වය වෙනස් කරමින් ඉදිරියේ දී සියලු දෙනාට අධ්‍යාපන වරම් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB
     
    MP DA MATARA MAHINDODAYA 1
     
     
    MP DA MATARA MAHINDODAYA 2
     
    MP DA MATARA MAHINDODAYA 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya