මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ වෙළෙඳුන් 64ක් අධිකරණයට

    ජූලි 02, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි කාර්යාලය මඟින් පසුගිය ජූනි මාසය තුළ වංචා සහගත ලෙස වෙළෙඳාම් කටයුතුවල නිරත වූ 72 දෙදෙනෙකුට එරෙහිව නීති මඟින් කටයුතු කර තිබේ. ඒ අනුව එම මාසය තුළ රුපියල් 197,000ක මුදලක් ද දඩ මුදල් 
    වශයෙන් අය කර ගෙන ඇත.


    කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 64 දෙනෙකු වැටලීම් මඟින් සොයාගනු ලැබූ අතර භාණ්ඩවල නියමිත මිල වෙනස් කිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිය, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිය සහ මිල ප්‍රදර්ශනය නොකිරීමත් නිසා ද වෙළෙඳුන් නීතිය හමුවට පමුණුවා ඇත.

     

    එම අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී එච්.ජී.සී.සී. කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලද මේ කාර්යය සඳහා අයි.ටී. ජයසිංහ, බී.එන්. ජයවර්ධන සහ එන්.පී. නවරත්න යන විමර්ශන නිලධාරීන් වැටලීම් සිදු කොට චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.

     

    NDH/WK-BG dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya