මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජන සෙවණ" ආසියානු කලාපීය රටවල ආදර්ශයට

    ජූලි 02, 2014
    ආසියානු කලාපයේ රටවල් රැසක්ම නිවාස වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ "ජන සෙවණ" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම ආදර්ශයට ගෙන ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය පවසයි.
     
    ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය ඇතුළු කලාපීය රටවල් රැසක නියෝජිතයින් කලාපීය නිවාස සමුළු හා වැඩමුළුවලට පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ "ජන සෙවණ" නිවාස වැඩසටහන පිළිබඳ ව ප්‍රසාදය පළ කර එහි තිබෙන ගුණාංග තමන්ගේ රටවල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පවසා තිබේ. 
     
    ඊට අමතරව මෙරටට පැමිණෙන විවිධ රටවල නියෝජිතයින් ද "ජන සෙවණ" නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි ක්‍රියාකාරකම් තම රටවල ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බව ද පවසා ඇත. 
     
    ජන සහභාගිත්වයෙන් සිදු කෙරෙන නිවාස ගම්මාන ඉදිකිරීමේ වැඩසටහන් පිළිබඳ ව මෙහිදී අවධානයක් යොමු වී ඇත. ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කෙරෙන නිවාස වැඩසටහන් සඳහා එම රටවල උනන්දුව වැඩිකිරීමට එම නියෝජිතයින්ගේ වැඩි අවධානයක් යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් ජනාවාස සහිත නිවාස ගණන 135,000ක් පමණි. වැඩි දියුණු කළ යුතු හා නව නිවාස අනුව මෙරට නිවාස අවශ්‍යතාව ලක්ෂ 07ක් දක්වා අඩුවී තිබීමෙන් කලාපීය සෙසු රටවලට සාපේක්ෂව මෙරට නිවාස සංවර්ධනය කැපී පෙනෙන ස්ථානයක් හිමිකරගෙන ඇති බව පෙනී යයි.
     
    2010 වසරේ සිට මේ දක්වා මෙරට නිවාස සංවර්ධනය වෙනුවෙන් "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ ඇමැතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන "ජන සෙවණ" ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන සිදු කළ කාර්යභාරය සුවිශේෂි වන බවද ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya