මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම මුලතිව් ජනතාව හමුවට

    ජූලි 02, 2014

    අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පස්වන මහජන හමුව 2014 ජූලි මස 05 සිට 08 දක්වා මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය.


    2014 ජූලි 05-06 යන දෙදින මහජන හමුව පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද ජූලි මස 07, 08 දිනයන්හි එය මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලේදී ද පැවැත්වේ.


    මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්හි යාපනය, කිලිනොච්ච් හා මඩකළපුව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කොමිසම විසින් මහජන හමු පවත්වනු ලැබ ඇත. අවසන් වරට 2014 ජුනි 06 සිට 09 දක්වා මඩකළපුවේ පැවැති හතරවන වටයේ සාක්ෂි විමසීමේ දී පැමිණිලි 195කට අදාළව කරුණු විමසීම සිදුකරනු ලැබිණි. ඊට අමතරව ගත වූ දින 04 ඇතුළත නව පැමිණිලි 216ක් කොමිසමට ලැබුණි. 1990 ගණන්වල දී දෙමළ ඊළාම් කොටි සංවිධානය විසින් මඩකළපුවේ තිරුක්කල්මඩම් හි දී සිදුකලා යැයි පැවසෙන මුස්ලිම් වැසියන් 163 දෙනාගේ ඝාතනයට අදාළ සාක්ෂි කොමිසම මෙහිදී සටහන් කරගනු ලැබිණි.


    ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ඥාතීන්ගෙන් ලද පැමිණිලි 5000ක් පමණ ඇතුළුව කොමිසමට මේ වනවිට ලැබී ඇති පැමිණිලි ගණන 18,789කි. කොමිසම විසින් පැමිණිලිකරුවන් 462 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන ඇති අතර එම සාක්ෂි ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් මගින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විමර්ශන කෙරෙමින් පවතී.


    HC/llrcaction

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya