නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම යල කන්නයට පොහොර කඩිනමින්

    ජූලි 01, 2014

    පුත්තලම දිස්ත්‍රික්කයේ යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් බෙදාහැරීමට කටයුතු යොදා ඇත.ඒ අනුව යල කන්නයේ බෙදා හැරීමට යෝජිත පොහොර ප්‍රමාණය මෙට්රික් ටොන් 3293යි. යුරියා පොහොර මෙට්රික් ටොන් 2164 ක්ද ,ටී.එස්.පී. මෙට්රික් ටොන් 535 ක්ද, එම්.ඕ.පී. මෙට්රික් ටොන්  592ක්ද වශයෙන් පොහොර නිකුත් කිරීමට ලංකා පොහොර සමාගම මගින් කටයුතු යොදා ඇත.


    මේ දක්වා පොහොර මෙට්රික් ටොන් 1692ක් නිකුත් කර ඇති අතර, යුරියා පොහොර මෙට්රික් ටොන් 1157ක්ද,  ටී.එස්.පී. මෙට්රික් ටොන් 281ක්, එම්.ඕ.පී. මෙට්රික් ටොන් 253ක්ද ඒ අතර වේ. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය සඳහා යෝජිත පොහොර ප්‍රමාණයෙන් 51.4%ක් දැනට බෙදා හැර ඇති බව පුත්තලම දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    ECB/SJ_dmu_ puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya