මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජංගම කච්චේරි ක්‍රමය නැවතත්

    ජූලි 01, 2014
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල්කරගත් ජංගම කච්චේරි ක්‍රමය නැවතත් සවි බලගැන්වීම තුළින් ජනතාවගේ මෙතෙක් නොවිසඳී ඇති ඉඩම් හා සම්බන්ධ ප්‍රශ්න සහ ගැටලු නිරාකරණය කිරීමේ හොඳ අවස්ථාවක් සැලසෙන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    ඒ තුළින්  ජනාධිපතිතුමන් අපේක්ෂා කරන පරිදි ගමේ ජනතාවගේ ප්‍රශ්න ගම තුළ විසඳීමට හැකිවන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ රත්නපුර දිස්ත්‍රික් බල මණ්ඩල කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
     
    මෙම කාර්යාලය මෙලෙස විවෘත කිරීම තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල, රක්වාන, කලවාන ආදී ප්‍රදේශ ගණනාවක පවතින ඉඩම් හා සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කිරීමට අවස්ථාව උදාවනු ඇත.
     
    "මෙම කොමිෂන් සභාව 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය නිර්මාණය කළ එකක්. මේ කාර්යාලය අද මේ විදියට විවෘත කිරීම තුළ ඒ වගේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අපිට පුළුවන් වෙනවා. රටේ තියන පොදු දේපළ එක එක පුද්ගලයන්ට ඕන ඕන විදියට අල්ලගන්න දෙන්න පුළුවන් කමක් නෑ. මොකද ඒ සඳහා විධිමත් ක්‍රමයක් තියනවා". 
     
    අද මෙම කාර්යාලය රත්නපුරේ විවෘත වීම තුළ අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සහනයක් දීමට හැකි වන අතරම ලංකාව පුරා ඇති සියලු ඉඩම් ගැටලු විසඳීමට ‍මෙලෙස ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු යැයි ද සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    රත්නපුර දිස්ත්‍රික් බලමණ්ඩල කාර්යාලය විවෘත කිරීමට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචිව මෙතෙක් ඔප්පුවක් නොලද පුද්ගලයින් සඳහා සංකේතාත්මක ඔප්පු ප්‍රදානයක් මෙන්ම ජංගම සේවයක් ද එදින පැවැත්විණි.
     
    මෙම අවස්ථාවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා, විධායක අධ්‍යක්ෂ  හරිගුප්ත සේනාධීර, රත්නපුර ප්‍රාදේශීය ලේකම් සී.එම්. කෝට්ටේගොඩ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
     
    DB
     
    MP WDJ RATHNAPURSA 1
     
     
    MP WDJ RATHNAPURSA 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya