මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්සර කිරි ගොවීන්ට කිරි එකතු කිරීමේ භාජන

    ජූලි 01, 2014

    ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර ප්‍රදේශයේ කිරි ගොවීන් 1286 දෙනෙකු වෙත කිරි එකතු කිරීමේ භාජන බෙදාදීමේ උත්සවයක් පසුගියදා සිදු කෙරිණ.


    රුපියල් මිලියන 33ක වටිනාකමකින් යුත් මෙම කිරි එකතු කිරීමේ භාජන පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතා අතින් සිදු කළ බව එම අමාත්‍යාංශය පවසයි.

    බදුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණ මේ අවස්ථාව සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති මිල්කෝ පුද්ගලික සමාගමේ මුල්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී.


    මෙහි දී මිල්කෝ ආයතනය යටතේ‍ ඇති බදුල්ලේ පිහිටි කිරි ගොවිපළවල් පවත්වාගෙන යන කිරි ගොවීන් 20 දෙනෙකු වෙත රුපියල් ලක්ෂ 04ක වටිනාකමකින් යුතු නවීන වර්ගයේ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි කිරි එළදෙන් පැටව් ලබා දුන්හ.

    එමෙන් ම බදුල්ලේ පිහිටි මිල්කෝ ගොවිපළවල් හි සේවය කරන කිරි ගොවීන්  52 දෙනෙකු වෙත  සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) චෙක්පත් මගින් අමාත්‍යවරයා විසින් ලබා දෙන  ලදී.
    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  මුත්තු සිවලිංගම්, ඌව පළාත් යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය මුත්තයියා රාමසාමි, මිල්කෝ සභාපති සුනිල් වික්‍රමසිංහ, උප සභාපති සරත් වික්‍රමසිංහ ඩයස් මහතා  ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    ECB

    thondama4

    thondaman2

    thondaman5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya