මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් ජනතාව ආරක්‍ෂා කළේ සිංහල බෞද්ධ ජනතාවයි

    ජූලි 01, 2014
    ත‍්‍රස්තවාදී සමයේ ද රටේ වෙනත් අරගලවලදී ද මුස්ලිම් ජනතාව ආරක්‍ෂා කළේ සිංහල බෞද්ධ ජනතාව බව අනුරාධපුර, පරසන්ගස් වැව, අලුත්ගම මුස්ලිම් පල්ලියේ සභාපති ජමාල්දින් රජඋල්ලා මහතා පවසයි.


    විශේෂයෙන්ම උතුරු මැද ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පත්වීමෙන් පසු මුස්ලිම් ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට, මුස්ලිම් ගම්මාන සඳහා යටිතල පහසුකම් සලසා දීමට හා මුස්ලිම් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමට පියවර ගත් බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා සියලු ජාතීන්ට එක හා සමානව සලකන කෙනෙකු බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් උතුරු හා උතුරු මැද ප‍්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයත් පරසන්ගස්වැව අලුත්ගම මුස්ලිම් පල්ලියේ සභාපති ජමාල්දින් රජඋල්ලා මහතා ප‍්‍රමුඛ මව්ලවිවරුන් හා පල්ලි සභාපතිවරුන් අතර පළාත් සභා ශ‍්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ ගැන ප්‍රකාශ කළේය.

     

    එහිදී අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා, යුද්ධයෙන් සාමය ලැබූ රට ජාතිවාදයෙන් යළි ගිනි තැබීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. ශීඝ්‍රයෙන් සංවර්ධනය වන රට අස්ථාවර කර ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ දැවන්ත කුමන්ත‍්‍රණයක් යළි ජාත්‍යන්තරය අරඹා තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිය යුතුයි. අප සියලුදෙනාම ශ‍්‍රී ලාංකේය ජාතියයි. කුමන වර්ගයකට කුමන ආගමකට අයත් වුවත් අප ශ‍්‍රී ලංකා පුරවැසියන් බව අවබෝධ කර ගත යුතු බව ද ඔහු සඳහන් කළේය. 

    විශේෂයෙන්ම උතුරු මැද පළාතේ ජාතීන් අතර සමඟිය සාමය හා සහයෝගිතාව ඉතා උසස් මට්ටමක පවතී. ජාතිවාදයේ විෂබීජ පතුරුවා මේ එකමුතුකම විනාශ කිරීමට කිසිදා අවස්ථාවාදියෙකුට, ජාතිවාදියෙකුට ඉඩ නොතැබිය යුතුයි. තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය මහින්ද රාජපක්‍ෂ රජය බාධාවකින් තොරව ලබා දී තියෙන බවද අමාත්‍යවරයා කීය. 
     
    බෞද්ධ ආගමික උත්සවවලදී මුස්ලිම් ප‍්‍රජාව ලබා දෙන්නේ අතිවිශිෂ්ට සහයෝගයකි. ඔවුන් දන්සැල් පවා පවත්වමින් බෞද්ධ ජනතාව වෙනුවෙන් කටයුතු කරනු ඇත. එසේම සිංහල ප‍්‍රජාව මුස්ලිම් ආගමික උත්සවවලට සහයෝගය ලබා දෙමින් කටයුතු කරයි. මෙම රාමසාන් උත්සව සමයේ කුමන්ත‍්‍රණකරුවන්ට සමඟිය බිඳහෙළීමේ කිසිදු අවස්ථාවක් ලබා නොදීම සඳහා පූර්ණ ආරක්‍ෂාව සැලසීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya