මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදයටත් බෙදුම්වාදයටත් පිළිතුර මහාවංශයයි

    ජූලි 01, 2014
    ත්‍රස්තවාදයටත් බෙදුම්වාදයටත් පිළිතුරක් වූ මහාවංශය අපේ රටේ පමණක් නොව මහා භාරතයේ ඉතිහාසය සොයා යන්නෙකුට වුව මනා යතුරකැයි සබරගමු ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා සඳහන් කරයි.
     
    සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, දැනුමැති සමාජයක් සඳහා අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ධම්ම පද දේශනා සංයුක්ත තැටියක් ලෙස දොරට වැඩුමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරයා රත්නපුර සමුදි උත්සව ශාලාවේදී මේ බව ප්‍රකාශ කළේය.
     
    "අපේ මහා වංශය ත්‍රස්තවාදයටත් බෙදුම්වාදයටත් පිළිතුරු සපයන්නක්. එය එසේම යාබද භාරතයේ ඉතිහාසය සොයා යන්නන්ට මනා යතුරක්. මේ නිසාමයි මජුර්දාන් වැනි ඉන්දීය ඉතිහාසඥයෝ ඉන්දීය ඉතිහාසය සොයා යන්නන් ලංකාවේ මහාවංශයට සදා ණයගැති යැයි ප්‍රකාශ කළේ".
     
    "සීගිරි පව්ව මුදුනේ සිට නව සඳ දැක්මෙන් පිබිදුණු අපේ පැරැන්ණෝ විශිෂ්ට ගී කවි රචනා කළා. එහෙත් අද ගීත රචනයට බසින්නේ කිසිවක්ම කරගත නොහැකි වුවෝයි. වෙන මොකවත් බැරි නම් ගීත රචනයට බැසීමයි අද දවසේ නැඹුරුව". 
     
    අද මේ රටේ දෑතේ ඇඟිලි ගණනට පමණක් නො ව දෑතේ දෙපයේ ඇඟිලි ගණනටත් වඩා වැඩි ගුවන් විදුලි නාලිකා රැසක් ඇතත් ඒවායින් සිදු වන්නේ මොන තරම් අපරාදයක්දැයි ලොකු බණ්ඩාර මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
     
    මෙම අවස්ථාවට පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සේපාල කුරුප්පු ආරච්චි මහත්වරු ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya