මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර අභිමානවත් නගරයක් ලෙස සංවර්ධනය කිරීම ජනපති අරමුණයි

    ජූලි 01, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්ම 17 පිටුවේ සඳහන් පරිදි මාතර නගරය අභිමානවත් නගරයක් ලෙස සංවර්ධනය කිරීම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අරමුණ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
     
    එය යථාර්ථයක් බවට පත්කර ගැනීමට මාතර කොටවිල හා මාතර මැද්දවත්ත මහින්ද රාජපක්ෂ විද්‍යාල භූමියේ දී පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමී ඉදිරි සැලසුම් තවත් වසර සියයක් පවතින ආකාරයට සකස් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික් කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය පිළිබඳව මාතර දිස්ත‍්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හා ප‍්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මෙම සාකච්ඡාව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.
     
    මාතර දිස්ත‍්‍රික්කය තුළ දැනට කුලී පදනම මත පවත්වාගෙන යන පළාත් සභා කාර්යාල 13ක් හා මධ්‍යම රජයේ කාර්යාල 11ක් කොටවිල ඉදිකෙරෙන පරිපාලන සංකීර්ණය වෙත ගෙන යාමට කටයුතු කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණ.
     
    එහිදී මාතර දිස්ත‍්‍රික්කයේ දැයට කිරුළ වැඩසටහන පැවැත්වීමට අදාළ මූලික කරුණු සාකච්ඡා කරන ලද අතර ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා සහ අඳහස් අනුව ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කරන ලදි. 
     
    මේ අවස්ථාවට ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකාරක ගැටමාන්නේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහත්වරුන් ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ පළාත් ප‍්‍රධාන ලේකම්, දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    MATARA DEYATA KIRULA MEETING 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya