මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාගිල්ස් ආයතනය බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රයට

    ජූලි 01, 2014
    කාගිල්ස් සිලෝන් සමාගම පසුගියදා සිය බැංකු හා මූල්‍ය කටයුතු ආරම්භ කළේය. ආරම්භක අවස්ථාව වෙනුවෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන් ප්‍රධාන ආරධිතයන් වශයෙන් එක්වූහ.
     
    මෙම සමාගම ලංකාවේ 23 වැනි මුල්‍ය ක්ෂේත්‍ර බලපත්‍ර ලාභියා වශයෙන් අංක 696, ගාලු පාර, කොළඹ 03 හී කාගිල්ස් බැංකු සමාගම විවෘත කරමින් සිය බැංකු හා මූල්‍ය කටයුතු ආරම්භ කොට ඇත. 
     
    මෙතෙක් සේවා සැපයුම් අංශයේ ව්‍යාපාරික කටයුතු මෙහෙය වූ කාගිල්ස් (සිලෝන්) සමාගම (Cargills Lanka PLC) ශ්‍රි ලංකිකයන්ගේ ජීවනෝපාය නගාසිටුවීම අරමුණු කර ගනිමින් ආරම්භ කර ඇති මෙම බැංකුව (Cargills Bank Limited) සඳහා ආයෝජන මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 5 කි. 
     
    කාගිල්ස් (සිලෝන්) සමාගමේ උප සභාපති රංජිත් පේජ් අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ලුවිස් පේජ් මහතා බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
     
    DB
     
    Secretary Defence Graces the Launch of Cargills Bank 20140630 03p3
     
    Secretary Defence Graces the Launch of Cargills Bank 20140630 03p1
     
    Secretary Defence Graces the Launch of Cargills Bank 20140630 03p12 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya