මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික්කයේ "ගමින් ගමට දොරින් දොරට" ව්‍යාපෘති රැසක්

    ජූනි 30, 2014

    "ගමින් ගමට දොරින් දොරට" වැඩසටහන සඳහා මේ වර්ෂයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පැවසීය.


    කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති අතර ඒ අවස්ථාවේදී ඔහු මේ බව කීය.


    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැඩසටහනක් ලෙස දියත් වන දිවි නැඟුම සඳහා වැඩි වැඩකොටසක් සමෘද්ධි අංශයට පැවරෙන බවත් දිවි නැඟුම ජීවනෝපාය වැඩසටහනේ දී ගෙවතු වගාව, වෙළෙඳපොළ අවස්ථා ලබාදීම, අක්කර කාලට වැඩි ඉඩම්වල ආවේණික බෝග වගාව, ආරක්ෂිත දැල් තුළ බෝග වගාව, ඉඩම්වල පාළු සිටුවීම, අතුරුබෝග වගාව, යටි වගාව, පුරන් කුඹුරුවල කෙටි කාලීන බෝග වගාව, දේශීය බෝග වගාව යන මෙම අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර ඒ සඳහා වසමකින් පවුල් 100ක් තෝරා ගැනීම කළ යුතු වේ.

     

    කෙටි කාලීන බෝග වගාව සඳහා ආධාර කළ හැකියි. විශේෂයෙන් නිෂ්පාදන කර්මාන්තවලට කැමති අය හඳුනා ගැනීම කළ යුතුයි. එනම් කොස් වියළීම, කෙසෙල් වියළීම වැනි කර්මාන්තවලට මුල් තැන දිය යුතුයි. මේ සඳහා කෘෂි උපදේශක මහත්වරුන් උනන්දු විය යුතුයි. එමෙන්ම දේශීය හා පාරම්පරික බෝග වගාව කාබනික පොහොර සැකසීම, වාණිජ වගාවන්, ආයුර්වේද ඖෂධ බෝග වගාව, මී මැසි පාලනය, මේ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා සේවාවන් සැපයිය හැකියි. මේ සඳහා ග්‍රාමීය මට්ටමින් සිටින දිවි නැඟුම ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධ කර ගත යුතු බවත් පොල් පැළ ලබාදීමේ වැඩපිළිවෙළකට යා යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.


    ධීවර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර මත්ස්‍ය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා අලෙවිය ඇති කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. තවද කර්මාන්ත සංවර්ධන වැඩසටහනට ප්‍රමුඛත්වය දිය යුතු අතර එහිදී වේ වැල්, උණ ලී කර්මාන්තකරුවන්, පේෂ කර්මාන්ත, ධීවර කර්මාන්තයට අවශ්‍ය මෙවලම්, කිතුල්, තල්නිෂ්පාදන සඳහා මෙවලම් ලබා දීමත් කළ හැකි බව දිසාපතිවරයා පැවසීය.


    BOI ආයතනය මඟින් සංචාරක වැඩසටහන් ප්‍රවර්ධනය සඳහාත් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මඟින් තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය හා අලුත්වැඩියා කිරීමත් වැනි උසස් තාක්ෂණික මෙවලම් මුල් කරගත් කර්මාන්ත සඳහා තරුණ පිරිස් යොමු වීම වැඩි වී තිබේ. ඒ සමඟම අන්තර්ජාල පහසුකම් ලබාදීම මඟින් ලංකාවේ තරුණයන්ගේ ජීවන මට්ටම් උසස් කිරීම මෙහිදී සාකච්ඡා කළ යුතුයි. ලංකාවේ මේවාට හොඳ වෙළෙඳපොළක් තිබේ. ඒ සඳහා තරුණ කොටස් විශාල ලෙස සම්බන්ධ කර ගත හැකි අතර BOI ආයතනය මඟින් දැනටමත්
    16000කට පමණ මේ අංශවල රැකියා සපයා තිබේ. බැලුම්බෝල, රසකැවිලි නිෂ්පාදනය අද තරුණයන් තෝරා ගැනීමක් සිදු නොකරයි. මේ සඳහා තරුණයන් පෙළඹවීමට කර්මාන්ත ඇති කළ යුතු අතර ඒ සඳහා පෞද්ගලික ආයතන සම්බන්ධ කර ගත හැකියි. ඇඟලුම් කර්මාන්තය සඳහා සේවකයන් රඳවා ගැනීමේ ප්‍රශ්නයක් ඇති බවත් මේ සඳහා නිෂ්පාදන ගුණාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    මී මැසි පාලනයට කැමති අය සිටී නම් ඒ අය සඳහා තාක්ෂණික දැනුම හා මූල්‍යාධාර ලබා දිය හැකියි. එමෙන්ම පශු සම්පත් වැඩසටහනේදී පරිභෝජනයට අවශ්‍ය කිරි, බිත්තර ලබා දීම සඳහා පැටවු 50ක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන ලෙසත් පවුල් ආර්ථිකය ගොඩනැගීමට දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙළකට යා යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.


    මේ පිළිබඳ අදහස් දැක්වූ පශු වෛද්‍ය නිලධාරී එස්. ද ලිවේරා මහත්මිය පැවසුවේ, පශු වෛද්‍ය නිලධාරීන්ගේ නිරීක්ෂණ ඇතුව ඒවා ක්‍රියාත්මක කිරීමට හැකි බවත් දැනට කිරි දෙනුන් ලබා දීම සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කර තිබෙන බවත් ඇය කීවාය.


    ප්‍රථමයෙන් ගොවි පවුල් දහයක මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. කිරි දෙනුන් ලබා ගැනීම සඳහා ගොවීන්ගෙන් රුපියල් 40,000ක් හා රජයෙන් රුපියල් 40,000ක් ගොවියෙකුට ගෙවීමට කටයුතු කරන බවත් ගව, එළු, ඌරු, පාලනය සඳහා ගාල් ඉදිකිරීම, අක්කර කාලකට අඩු වගා නොකරන කුඹුරුවල තෘණ වගාව ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් ලිවේරා මහත්මිය සඳහන් කළාය.


    NDH/JW_dmu_colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya