සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ආපදාවටපත් ජනතාවට සහන සැලසීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

    ජූනි 02, 2017

    මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා කාමරයේ දී පැවැත්විණි.

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසය ම නියෝජනය කරමින් සියලු ම ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විශේෂ රැස්වීමේ දී මෙතෙක් සිදු කරන ලද සහන කටයුතු පිළිබඳව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සමාලෝචනය කරන ලද අතර ඉදිරියේ දී සහන කටයුතු කෙසේ සිදු කරන්නේ ද යන්න පිළිබඳව සාකච්ඡා කෙරිණි.

     

    මාතර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර, නාය යෑම්, තද සුළං හා පස් කඳු කඩා වැටීම් නිසා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසයෙහි ග්‍රාම නිලධාරී වසම් 498 ක පවුල් 49,541 ක පුද්ගලයින් 183,008 දෙනෙක් පීඩාවට පත් වී ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

     

    ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති අතර අතුරුදහන් සංඛ්‍යාව 15 කි.

     

    මේවන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 17 ක පවුල් 3,607 ක පුද්ගලයින් 12,198 දෙනෙකු සිටී.

    පූර්ණ නිවාස හානි 864 ක් හා අර්ධ නිවාස හානි 4593 ක් සිදු වී තිබේ.

    ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහායෙන් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත් වීමෙන් මුදා ගැනීමේ කටයුතු සිදු කෙරිණි.

    විපතට පත් වූවන් සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, වියළි ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, සනීපාරක්ෂක උපකරණ, ළදරුවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු විවිධ දෑ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ගෙනවිත් බාරදිය හැකි ය.

    විපතට පත් වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ ද සහයෝගය සහිතව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya