සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර පානීය ජල ගැටලු විසඳීමට පියවර ගැනේ

    ජූනි 01, 2017
    කළුතර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වී ඇති ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීමට කඩිනම් පියවර ගෙන ඇතැයි ද ඒ වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලය මගින් ජල බවුසර් 11 ක් යොදවා අදාල ප්‍රදේශ සදහා ජලය බෙදාහැරිම සිදු කෙරෙන බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    මීට අමතරව පානීය ජල බෝතල් බෙදාහැරීම ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කර්යාල මගින් සිදුකරනු ලබයි.
     
    ගංවතුර හා නායයෑම් නිසා අපවිත්‍ර වී හා විනාශ වී ඇති ලිං හා ග්‍රාමීය ප්‍රජා මූල ජලසම්පාදන ක්‍රම යථා තත්ත්වයට පත්කිරිම සඳහා යුද, නාවික, සිවිල් ආරක්ෂක අංශවල මූලිකත්වයෙන්  හා  දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හා  ස්වෙච්ඡා සංවිධානවල සහයෝගයෙන්   වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මෙමගින් ජල ඉසින යන්ත්‍ර මගින් අපවිත්‍ර ජලය ඉවත්කොට සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි. 
     
    බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව පානිය ජල අවශ්‍යතා සපයානු  ලබන්නේ ළිං හා ග්‍රාමීය ප්‍රජාමූල ජලසම්පාදන ක්‍රම මගිනි. පානීය  ජල  සම්පාදන මාර්ග රාශියක් ගංවතුර හා නායයෑම් නිසා පරිහරණය කිරිමට නෙහැකි තත්ත්වයක් පවති.  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya