අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලා මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික පීඨයට මුල්ගල් තබයි

    ජූනි 30, 2014
    මිහින්තලා මහා විද්‍යාලයේ ඉදිකරනු ලබන මහින්දදෝදය තාක්ෂණික පීඨය සඳහා මුල්ගල තැබීම පසුගියදා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.


    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රුපියල් කෝටි 467ක වියදමෙන් උතුරු මැද පළාතේ පාසල්වල මහින්දෝදය විද්‍යාගාර 83ක් හා තාක්‍ෂණ පීඨ 22ක් ඉදිකෙරෙමින් පවතිනවා. මේ වන විට එම මහින්දෝදය විද්‍යාගාර හා තාක්‍ෂණ පීඨ රැසක ඉදිකිරීම් කටයුතු ඇරඹී තිබෙනවා යැ“යි සඳහන් කළේය.


    30 වසරක ත‍්‍රස්තවාදයෙන් අධ්‍යාපන කටයුතු අඩාල වී තිබූ උතුරු මැද පළාතේ දරුවන්ට තාක්‍ෂණ විෂය හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා උතුරු මැද පළාත සඳහා මහින්දෝදය විද්‍යාගාර 83ක් සහ තාක්‍ෂණ පීඨ 22ක් ඉදිකිරීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත.

    මේ වන විට තාක්‍ෂණ විෂය හදාරණ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මිහින්තලය හා තඹුත්තේගම විදුහල්වල දරුවන් දෙදෙනෙකු නව නිපැයුම් තරගවලදී මුළු ලෝකයම පරාජය කරමින් ජය ලැබූ අතර ඔවුන්ගේ නමින් ග‍්‍රහ තාරකා දෙකක් නම් කිරීමට ද ඔවුන්ව විදේශ රටවල තාක්‍ෂණ අධ්‍යාපනය ලබා දීමටද ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරණය කරනු ලැබ ඇතැයි උතුරු මැද පළාත් සභාව පවසයි.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya