අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ ගුරු විවේකාගාර ස්ථාපිත කිරීමේ වැඩසටහන ඇරඹෙයි

    ජූනි 30, 2014

    වයඹ පළාත තුළ මහින්දෝදය ගුරු විවේකාගාර 31ක් ස්ථාපිත කිරීමේ වැඩසටහනේදී ජයරත්න හේරත් මහතාගේ ඉල්ලීමක් ඇතිව කුරුණෑගල කොට්ඨාසයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයට හතර වෙනි විවේකාගාරය ලබා දෙන්නට හැකිවීම ගැන තමා සතුටට පත් වන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.



    අමාත්‍යවරයා එසේ පැවසුවේ, පසුගියදා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ පැවති ලංකාවේ ප්‍රථම වරට වයඹ පළාත තුළ ආරම්භ කළ ගුරු විවේකාගාර ස්ථාපිත කිරීමේ වැඩසටහනෙහි හතර වෙනි විවේකාගාරයට මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  "අපි ගුරු විවේකාගාර හදන්නේ ගුරුවරුන්ට විවේක ගන්න නෙමෙයි. ඊළඟ පාඩම පටන්ගන්න කලින් පාඩමට හරියට ලැහැස්ති වෙලා යන්න. අපේ  ජනාධිපතිතුමා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළා. කලා විෂයධාරීන් 52% ක් අපි 18% දක්වා අඩුකරලා විද්‍යාව, වාණිජ සහ ගණිතය හැදෑරීමට අවස්ථාව සලසලා දෙනවා. පාසල් 1246ක ගුරුවරු 27000ක් ඉන්න මේ පළාතේ දරුවෝ 49800ක් ඉන්නවා. කොතලාවල විද්‍යාලය කුරුණෑගල තියන දැවැන්ත ම පාසලක්. ඒ වගේම කීර්තිමත් විද්‍යාලයක්. විද්‍යාලය තිබුන තැන ඉඳලා මෙතෙන්ට ගේන්න සමන් ඉන්ද්‍රරත්න මහතා විශාල සේවයක් කළා. ඒ මහතා කරපු කාර්යය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. තීරණාත්මක දෙයක් මේ පාසලේ සිද්ධවුණා. දැරියක් මිය ගියා. මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම ව්‍යාකූල කළේ මාධ්‍යය. ඒ වගේම අපේ ගුරු දෙගුරුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ යම් යම් ක්‍රියාකාරකම් නිසා  මමත් අපහසුතාවයට පත් වුණා.  මමත් එතුමාව අඳුරාගත්තේ මහ ඇමති වුණාට පස්සේ. මම විදුහල්පතිවරුන් වෙනුවෙන් ඉන්නවා.

     

    ළමයින්ටයි ගුරුවරුන්ටයි ඕන විදියට විදුහල්පතිවරුන් වැඩ කරන්න අවශ්‍ය නෑ. විදුහල්පතිවරු තුළත් වැරදි තියෙන්න පුළුවන්. ප්‍රශ්න විසඳන ක්‍රමයක් තියනවා. නැත්නම් පාසල් පද්ධතියක් තියාගන්න බෑ. මම හොඳට හෝ නරකට ඉන්නේ විදුහල්පතිවරුත් එක්ක. ජනාධිපතිතුමාට විරුද්ධවත් කැරලි ගහනවා. පක්ෂ ඇතුළෙත් අර්බුද තියනවා. එව්වා හරියට නායකයෝ විසඳාගන්න ඕනේ. එව්වා තමයි නායකත්ව ලක්ෂණ.
    ඒවගේම විදුහල්පතිවරුන්ට විරුද්ධ අය දේශපාලඥයෝ එක්ක එකතුවෙලා ප්‍රශ්න ඇති කරනවා. මේ ඇති වුණ ප්‍රශ්නෙත් අපි වරද කොහෙද කියලා නිරීක්ෂණය කළා. මම පියවරෙන් පියවර නිරීක්ෂණය කළා. ලක්ෂ ගණන් දරුවන්ට මේ සිද්ධීන් නිසා ප්‍රශ්න ඇතිවෙලා තියනවා. දෙමව්පියෝ කාර්ය බහුලයි, ඒ නිසා දරුවෝ ගැන හොයන්න වෙලාවක් නෑ. දරුවන්ටත් අධ්‍යාපනයේ පීඩනය, ගෙවල්වල ආර්ථික ප්‍රශ්න ඔලුවට ගිහින් තියෙන්නේ. දරුවෙකුගේ වයස 17, 18 වෙනකොට ඇති වෙන ලිංගික ක්‍රියාකාරකම් එක්ක නොයෙක් දේවල්වලට පෙළඹෙනවා. ළමයි 4000ක් ඉන්න පාසලක එක ළමයෙක් ගැන පමණක් හොයන්න විදුහල්පතිට බෑ. මේ දැරිය විශාදිය (over depression) කියන රෝගයෙන් පෙළුණ දැරියක්. මේ වගේ දරුවෝ ගණනාවක් මේ පාසල්වල ඉන්නවා. විශාදිය හැදුණ පුද්ගලයෙක් ප්‍රර්ථනා කරන්නේ මරණය. එයාලා තමයි කනේරු  ඇට කන්නේ, බෙල්ලේ වැල දාගන්නේ. එවැනි දරුවෙකුට සලකන විදියේ ප්‍රශ්නයක් තියනවා. මේ විදුහල්පතිවරයා අධ්‍යාපනයෙන් ඉහළ ම තැනකට ගිය කෙනෙක්.

     

    ඒ වගේම හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ගුරුවරියක්ව දන ගැස්සුවා. නමුත් ඒ ගම්වලට ගියාම ඒ මහතා ගමට කරපු සේවය ගැන ජනතාව ඉතාම ඉහළින් කතා කරනවා. ඒකයි මම කියන්නේ කොපමණ හොඳ දේ කළත් එක දේකින් සියල්ල අඳුරු වෙනවා. අපි ආයතන සංග්‍රහයත් එක්ක කතා කරන්නේ. ළමාරක්ෂක අධිකාරිය ගත්ත තීන්දු ගැනත් ප්‍රශ්න තියනවා. මම ගිය සතියේ කිව්වා අවුරුදු 5කින් තමයි මැතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් වෙන්නේ කියලා. ඒත් ඒක "දේශය" පුවත්පතේ ගියේ මහ ඇමති කලකිරිලා කියලා. මම දෙමව්පියන්ටයි ආදි ශිෂ්‍යයන්ටයි කිව්වේ මේ විදුහල්පතිව හිරකරන්න එපා කියලා. මට  මේ පාසලේ දරුවෙක් දූරකතන ඇමතුමක් දීලා බැන්නා. මම ඒ දරුවව හම්බවෙලත් ඇහුවා ඔයා නේද මට කතා කරේ කියලා. මේක මේ හැමෝටම වුන අවාසනාවන්ත සිද්ධියක්. ජයරත්න අමාත්‍යවරයා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එක්ක එකතුවෙලා මම සාකච්ඡා කළා. විශේෂයෙන් සිරිමෙවන් පොඩිනිලමේ අධ්‍යක්ෂකටත් කිව්වා මේ ගැන සොයා බලන්න කියලා.


    අපි ලබන අවුරුද්දේ වයඹ විද්‍යා පාසල් 5ක් හදනවා. ගණිතය 78% ක් සහ 72% තියන තත්ත්වය තව තවත්  ගොඩනගන්න ඕනේ. අපිට සාධාරණ යුක්ති සහගත  දේකට තමයි එකඟ වෙන්න පුළුවන්. මම දෙමව්පියන්ගෙනුත් ආදි ශිෂ්‍යයන්ගෙනුත් ඉල්ලන්නේ ඔබේ පාසල ශක්තිමත් පාසලක් බවට පත්කරන්න. අපි සාමකාමීව බුද්ධිමත්ව වැඩ කරමු.
     

    මෙම අවස්ථාවට උද්භිද උද්‍යාන සහ පොදු විනෝද කටයුතු  අමාත්‍ය ජයරත්න හේරත්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, ලක්ෂමන් වේඬරුව, නාගරික මන්ත්‍රී චුලා මෙන්ඩිස්,  තුෂාර සංජීව , ත්‍යාගරාජා පෙරුමාල් , වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ, ජී. එන්. තිලකරත්න, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිමෙවන් පොඩිනිලමේ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ටිකිරි බණ්ඩා ජයතිලක, විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනි ඒ. රුපුනායක, යන මහත්ම මහත්මීන් ඇතුළු දෙමව්පියන් සහ ගුරුවරුන්  විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya