අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයට මුල්ගල් තැබීම අද

    ජූනි 30, 2014

    රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකිරීමට නියමිත අංග සම්පූර්ණ දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණය සඳහා අද (30) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීමට නියමිතය.


    ඉදිකිරීමට නියමිත අතර  මහල් තුනකින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 465කි.


    ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් ඉදිකෙරෙන මෙම නව ලේකම් කාර්යාලය  තුළට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පාලනය වන සියලු රාජ්‍ය ආයතන රැගෙන ඒමට නියමිතය.
     

    රත්නපුර නව නගරයේ පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය භූමියේ වැඩ ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය වසර දෙකහමාරක් තුළ  නිම කර ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂිතය.
     

    මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya