අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගරාවැටුණු පොල් අතු නිවස ප්‍රතිසංස්කරණය කර වීරවංශ ඇමති අතින් හිමිකරුවන්ට

    ජූනි 29, 2014

    පොල් අතු සෙවිලි කළ ගරාවැටුණු නිවසක් ජන සෙවණ නිවාස වැඩසටහන යටතේ මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කර එම පවුලට භාරදීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.


    වයස අවුරුදු 80 ඉක්ම වූ කේ. විල්බට් මහතා සහ ඔහුගේ බිරිඳ වන එජින් පෙරේරා මහත්මිය ජීවත් වූ වැල්ලවත්ත, හැව්ලොක් පාර, ඉසුරු පෙදෙසේ පිහිටි නිවස මෙසේ බාරදෙනු ලැබිණි. ඔවුන් ඉතා වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන අතර ඔවුන්ට තමන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට පවා නොහැකි වන පරිදි කායික හා මානසික වශයෙන් දුර්වල වී සිටී. විල්බට් මහතාගේ එකම දියණිය මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබේ. වාසය කිරීමට නොහැකි පරිදි දුර්ගන්ධයෙන් පිරි ඉතා අපිරිසිදුව, ජරාජීර්ණව තිබූ පොල් අතු නිවසේ ඔවුහු ඉතා දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටියහ. මෙම පවුල පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් විමල් වීරවංශ අමාත්‍යවරයා දැනුවත්  කරන ලදී.


    “මහින්ද  චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන “ජන සෙවණ” නිවාස දස ලක්ෂයේ නිවාස හා  ජනාවාස  සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරිණ. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මතජාතික නිවාස සංවර්ධනඅධිකාරිය විසින්මෙම නිවස මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමටඅවශ්‍ය ආධාර හා තාක්ෂණික උපදෙස් ලබාදෙන ලදී. මෙම ජනසෙවණ මූල්‍ය ආධාරයට අමතරව ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස වාසය කිරීමට සුදුසු පරිදි සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.


    මෙහිදී අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටියේ කිසිම පුද්ගලයෙකුගේ අනුග්‍රහයක් නොමැතිව ජීවත්වන කේ. විල්බට් මහතා හා එම මහත්මිය ඉතා දුෂ්කර ජීවිතයක් ගතකළ බවත් කිසිවෙකුගේ අවධානය මොවුන් වෙත යොමු නොවූ බවත්, විමල් වීරවංශ අමාත්‍යවරයා මැදිහත් වී මේ ලබාදුන් සහයෝගයට ප්‍රදේශවාසීන් වෙනුවෙන් සිය ප්‍රණාමය පුදකර සිටින බවයි.


    මෙම අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා, හැව්ලොක් පාර, ඉසුරු පෙදෙස ප්‍රජා සංවර්ධන සමිතියේ මහත්ම මහත්මීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


    HC

    wellawaththa jana sevana house 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya