මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ අභිනව දිසාපති ලෙස චන්ද්‍රසිරි බණ්ඩාර මහතා වැඩ අරඹයි

    අප්‍රේල් 11, 2017

    කෑගල්ල දිස්ත්‍රික්කයේ අභිනව දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂඨ නිලධාරියෙකු වන එල්.ජේ.එම්.ජී. චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පසුගිය දා සුභ මොහොතින් වැඩ භාර ගත්තේය.

    1992 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළත් වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහකාර ප්‍රාදේශිය ලේකම් වරයෙකු ලෙස, ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙකු ලෙස, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු ලෙස, ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස,වනජීවී අධ්‍යක්ෂ (සංවර්ධන) වරයෙකු ලෙස, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් හා තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙසත් සේවය කර ඇත.පරිපාලන සේවයේ හසළ අත්දැකීම් ඇති අතර ඒ මහතා ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිධරයෙකි.

    මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    DMU/Kagalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya