මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇළුමිනියම් පිරි සැකසුම් කිරීම පිළිබඳ දනුවත් කෙරේ

    අප්‍රේල් 10, 2017

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය  පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්ත හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.

    ඒ යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් ඇළුමිනියම් පිරිසැකසුම් කිරීම (Aluminum fabrication) පිළිබඳ දෙදින තාක්ෂණ වැඩමුළුවක් 2017 මැයි 04 සහ 05 යන දින වල තාක්ෂණික සේවා අංශය දී පැවැත්වීමට කටයුතු  යොදා ඇත.

    මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේ දී ඇළුමිනියම් යනු මොනවාද ඒවායේ ගුණාංග සහ ඇළුමිනියම් උපාංග භාවිතයේ ඇති වාසිදායක කරුණු සහ ඇළුමිනියම් උපාංග යොදා ගෙන නිෂ්පාදනය කල හැකි භාණ්ඩ පිළිබදව ප්‍රායෝගිකව දැනුවත් කරනු ඇත.

    මෙම වැඩසටහනට සහභාගී විමට කැමැත්තක් දක්වන්නේ නම්  අධ්‍යක්ෂ, තාක්ෂනික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, ක‍ටුබැද්ද, මොර‍ටුව. යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112605278 ට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya