රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා සමාජ සවිබල ගැන්වීම් සහ සුභසාධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස පත් වූ පසුව පුරප්පාඩු වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් තනතුර සඳහා මාලනි ලොකුපෝතානගම මහත්මිය පත්වූවාය.
මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය,මාණ්ඩලික නිලධාරීන්,සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
AP/DMU - Ratnapura