ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන පරිදි, බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම නව ආදර්ශ ජාතික පාසල ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදලින් රුපියල් මිලියන 900ක් ශ්‍රී ලංකා රජය විසින් ද ඉතිරි රුපියල් මිලියන 300ක අරමුදල් ප්‍රමාණය ඉන්දියානු ජනරජය විසින් ද දැරීමට (Republic of India) එකඟ වී තිබේ.
ඒ අනුව, එම මූල්‍යාධාර ලබාගැනීම සඳහා ඉන්දියානු ජනරජය සමඟ ඉදිරියේ දී අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිත අතර පාසලේ ඉදිකිරීම් කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරෙනු ඇත.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සියලු ම සිසු දරුවන්ට පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ 6 වන ශ්‍රේණියට ඇතුළත් වීමට අවස්ථාව සලසා දීමට තරම් එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් රජය මෙම තීරණය ගෙන ඇත.