ශ්‍රී ලංකාව ක්‍රමෝපායික වශයෙන් ලෝකය හා සම්බන්ධ කිරීමේත්, ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා විදේශීය විද්‍යාර්ථීන් එක් දැනුම් කේන්ද්‍රස්ථානයක් තුළ මුණගැස්වීමේත්, ආරක්ෂක ක්‍රමෝපායන් හා ක්‍රමවේදයන් පිළිබඳ ව හමුදා සහ සිවිල් නිලධාරින් වැඩි දෙනෙකුට විධිමත් පුහුණුවක් ලබා දීමේත් අරමුණු ඇතිව, ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට රජය තීරණය කොට තිබේ.
ඒ අනුව, එම විද්‍යායතනය කොළඹ අවට ස්ථානයක ස්ථාපිත කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දැනට භාවිතයට නොගන්නා, මින් පෙර කථානායක නිල නිවස ලෙස භාවිත කරන ලද 'මුම්ටාස් මහල්' පරිශ්‍රය සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කර ඒ සඳහා යොදාගැනීමට නියමිතය.