මාදම්පේ හා කුඩා වැව ගොවිජන සේවා කොට්ඨාස වලට අයත් ප්‍රධාන වැව් වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීමේ හේතුවෙන් කුඹුරු අක්කර 2,000 කට ආසන්න ප්‍රමාණයක් මුඩු බිම් බවට පත් වීමේ අවදානමට ලක්ව ඇත. මහවැව, අඩප්පර ගම වාරි වැව, කුඩා වැව හා මාදම්පේ තිනිපිටි වැව මේ අන්දමින් විනාශ වෙමින් පවතී. වැව්වල රොන්මඩ හා ජලජ ශාක ඉවත් කර වැව පිරිසිදු කරනවා වෙනුවට වැව් පතුලේ තැන්පත්ව ඇති වැලි නිධිය හාරා වැලි ගොඩ දැමීම මීට හේතු වී ඇත. AP/DMU-Puttalam