නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් විගමණික දූදරු ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය 29දා

    නොවැම්බර් 25, 2016
    විගමණික පවුල්වල දුවාදරුවන් වෙනුවෙන් 2015 වසරේ උතුරු මැද පළාතේ ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප‍්‍රදානත්වයෙන් අනුරාධපුර CTC ශාලාවේ දී නොවැම්බර් 27දා පෙරවරු 9.00 ට පැවැත්වේ. 
     
    මෙහිදී ශිෂ්‍යත්වලාභීන් 205ක් සඳහා රුපියල් 3,950,000.00ක් පිරිනැමීමට නියමිතය. අනුරාධපුර දිස්ති‍්‍රක්කය සඳහා ශිෂ්‍යත්ව 117ක් වෙනුවෙන් රුපියල් 2,230,000 ද, පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ශිෂ්‍යත්වලාභීන් 80ක් සඳහා රු.1,720,000 ක මුදලක් ද කාර්යාංශය හරහා ප‍්‍රදානය කෙරේ. 
     
    උතුරු මැද පළාතේ පහ වසර ශිෂ්‍යත්වය සමත් ළමුන් 70ක් සඳහා අයෙකුට රුපියල් 15000 බැගින් රුපියල් 1,050,000ක් ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් 115ක් සඳහා රුපියල් 20000 බැගින් රුපියල් 2,300,000ක්ද, උසස් අධ්‍යාපනය හදාරන සිසුන් 20ක් සඳහා එක් අයෙකුට රුපියල් 30,000 බැගින් රුපියල් 600,000ක මුදලක් ද පිරිනැමීමට නියමිතය. 
     
    ඉදිරියේ දී විගමණික දූදරු ශිෂ්‍යත්ව වැඩසටහන් වයඹ, බස්නාහිර, සබරගමු, දකුණු හා මධ්‍යම යන පළාත්වලද සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.
     
    2016 වර්ෂය සඳහා විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දූදරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සඳහා රුපියල් ලක්ෂ 557ක් (රුපියල් 55,770,000) වෙන් කර ඇති අතර, මෙමඟින් දරුවන් 2878 දෙනෙක් වෙනුවෙන් ප‍්‍රතිපාදන ලබා දේ.
     
    මෙම වැඩසටහන පිළිබඳ ව අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේ, කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතවීම මඟින් ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කාර්යාංශය මඟින් මෙවැනි ප‍්‍රතිලාභ ලබාගත හැකි බවත්, ලියාපදිංචි කාලසීමාව අවසන්වීමෙන් පසු ද විදේශ රැකියාවේ යෙදෙන්නේ නම් තානාපති කාර්යාලයට පැමිණීම මගින් හෝ මෙරට සිටින ඥාතියෙකු ලවා කාර්යාංශයට පැමිණ ලියාපදිංචිය අලුත් කර ගන්නා ලෙසයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya