නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙංගාල බොක්කේ කැළිඹිලි තත්ත්වය තවදුරටත්

    නොවැම්බර් 18, 2016
    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති කැළඹිලි තත්ත්වය දිවයිනට ගිනිකොණ දෙසින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදීත් විශේෂයෙන් ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර, ඌව සහ දකුණු පාළත්වල ද වැසි ඇති වේ.
     
    උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර දකුණු සහ ඌව පළාත්වල තද වැසි බලාපොරොත්තු විය හැකිය.
     
    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවමකරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගේ ඉල්ලා සිටී.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya