අන්තර් ගම්මාන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන වශයෙන් නම් කර තිබෙන මෙම වැඩසටහන මගින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග වලට පිවිසුම් මාර්ග 67 ක කිලෝමීටර් 217.50 ක් සංවර්ධනය කිරීමට නියමිත ය.
මේ වන විට මැනුම් කටයුතු ඇතුළු මූලික කටයුතු අවසන් කර කිලෝමීටර් 188 ක වැඩ ආරම්භ කර ඇති අතර ව්‍යාපෘතියේ මාතර දිස්ත්‍රික් ප්‍රගතිය 64% කි. මෙහි දී නව මාර්ග ඉදිකිරීමක් සිදු නොකෙරෙන අතර දැනට ඉදිකර තිබෙන මාර්ගවල කාපට් අතුරා සංවර්ධනය කිරීම සිදු කෙරේ.
ව්‍යාපෘතිය ආරම්භක දිනයේ සිට වසර 05 ක් තුළ ක්‍රියාත්මක කර අවසන් කළ යුතු ය. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
AP/DMU-Matara