පොල් වගාව සඳහා පොහොර සහනාධාරය ලබාගැනීමට නම් අවම පර්ච 20 ක පොල් ගස් 08 ක් තිබිය යුතු අතර උපරිම හෙක්ටාර දෙකකි (අක්කර 05). පොල් ගසකට රුපියල් 56 බැගින් සහනාධාර ලබා දේ.
මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පොල් වගා කරුවන්ගෙන් ලැබෙන ඉල්ලුම් පත්‍ර අනුව සහනාධාර ගෙවමින් පවතී. මීට පෙර වී වගාව සඳහා පොහොර සහනාධාර ලබාගන්නා ගොවියෙකුට වෙනත් භෝග වගාවන් සඳහා එම සහනාධාර මුදල් හිමි වූයේ නැත. එහෙත් ඒ සම්බන්ධව නිකුත් කරන ලද නව චක්‍රලේඛය අනුව වී, තේ, පොල්, රබර් හා වෙනත් ක්ෂේත්‍ර භෝග (අල, ලූනු, මිරිස්, සෝයා, බඩ ඉරිඟු) ආදී සෑම වගාවක් සඳහා ම ගැටළුවකින් තොරව පොහොර සහනාධාරය ලබාගත හැකි ය.
AP/DMU-Matara