ඒ අනුව රත්නපුර රෝහල් භූමියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුන අතර, එහිදී අනවසර වෙළෙඳසැල් 36ක් ඇති බවත්, ඒවා ඉවත් කිරීමට යාමේදී ගැටලු මතුව ඇති බවත්, එම වෙළෙඳසැල් ඉවත් කිරිම සඳහා අධිකරණ නියෝග පවා ගෙන ඇති බවත් රෝහල් බලධාරින් ප‍්‍රකාශ කරන ලදි.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ දේශපාලන බලපෑම්වලට යටත් නොවී වෙළෙඳසැල් ඉවත් කර මැනුම් කටයුතු සිදු කිරීමෙන් පසු ඉඩම රජයට පවරාගෙන වෙන්කර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි. තවද රත්නපුර රෝහලේ කමිටු සාමාජිකයින් රැසක් සාකච්ඡාවලට සහභාගී නොවීම නිසා රෝහල් කමිටුව සංශෝධනය කිරිමට ද තීරණය වූ අතර, රෝහලේ නව හදිසි අනතුරු හා ප‍්‍රතිකාර ඒකකය පවත්වාගෙන යාමට කාර්ය මණ්ඩල නොමැතිවීම හේතු කොට ගෙන සේවක පුරප්පාඩු ලේඛනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් යොමු කරන ලෙස ද අමාත්‍යවරයා රෝහල් නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.
එමෙන්ම ඇහැලියගොඩ රෝහලේ පානීය ජලය පිළිබඳ වූ ප‍්‍රශ්නයට විසදුම් ලබාදෙමින් ජලය ලබාගන්නා ස්ථානය අවට අනවසර පදිංචිකරුවන් ඉවත් කර ජල පෝෂක ප‍්‍රදේශ පිරිසිදුව තබා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.
කහවත්ත මුලික රෝහලේ සංවර්ධන වැඩකටයුතු යටතේ ඇදන් 200 ක වාට්ටු සංකීර්ණයක් ඉදිකිරිමට තීරණය වූ අතර, මෙම රෝහල් භූමියේ ද අනවසර පවුල් 06 ක් පදිංචි වී ඇති බව අනාවරණය කර ගන්නා ලදි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමැතිනී තලතා අතුකෝරාල, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් ජනක ශ‍්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සහ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය සුජාතා සේනාරත්න යන මහත්ම මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.